Friday, October 23, 2015

ඉතින් අපි මුනගැහෙමු...

සුවඳ පුරවර වෙසෙන
දයාබර මිතුරු සඳ
එකට අත්වැල් බැඳන්
පියස යට අකුරු කළ
සොඳුරු කාලය නිමයි...

ප්‍රිය හිතාදර සබඳ,
දුර ඈත ඉම බලා
සෙමෙන් පා ඔසවන්න
ඉතින් කාලය ඇවිත්...

නෙත් කෙවෙණි තෙත් කරන්
කඳුළු බිඳු ගලා යයි
මුවඟ මඳ හසරැල්ල
සෙනෙහසින් ඇඳී යයි
එහෙත් යන්නටම වෙයි
සමුගන්න බව සැබැයි...

හිත් කොනක ගුලි ගැහුන
ලෙංගතුම බවත් ගෙන
මුනගැහෙමු යම් දිනෙක,
සුවඳ මෙනුවරදීම...

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එකට අත්වැල් බැදන් කතා කියන්න එපා. වැඩ ඔක්කොම මාට්ටු. සෙමෙන් නෙමේ අඩිය උස්සලා වරෙන් වෙලාවට ලෙක්චර්ස් වලට එන පාරවත්. මොකද බන් වෙලා තියෙන්නෙ. මිඩ් එකට නිවාඩු දුන්නා විතරයි. එන සතියෙ ලෙක්චර්ස් තියෙනවා. මේක මේ කොන්වර්කේෂන් එක ඉවර වෙලා ලියන එකක් වගේනෙ.

    ReplyDelete
  3. උබ ඕන එකෙක්ගෙ අත්වැල් බැදගත්තට අපේ නම් අතින් අල්ලන්න එන්න එපා... හරිය....

    ReplyDelete