Wednesday, August 21, 2013

ලෝකය නැවතුම්පලක්ය...

අතමිට සරු කාලෙට
ගත හැඩි දැඩි කාලෙට
සිත සවි ඇති කාලෙට
දැසිදස්සන් බෝමා

වත්සුණු තවරාගෙන
රියසක පදවාගෙන
මහ මන්දිර තැනුවම
මිතුරන් බෝමා

නැටුම් ගැයුම් සංගීතයි
රසමසවුල් නම් එමටයි
ස්වර්ණ වියන් මනලෝලයි
තේජස බෝමා

අතමිට හිඟවුනදා
ලෙඩ දුක් හමුවනදා
සිත ඔද තෙද බිඳිදා
තනිකම බෝමා

මන්දිර නටඹුන් වුනදා
කුසගිනි දැඩි වුනදා
මදහස වියැකුනදා
දුක නම් බෝමා

යන්නට ආ ගමන්ය
ලෝකය නැවතුම්පලක්ය
සිහියට ගත හැකිනම්
සැපතකි බෝමා

2 comments:

  1. ගත සිත තුටු වෙන කාලෙට
    කවි සිතුවිලි එන තාලෙට
    ආයෙත් ලියවෙන ලීලෙට
    සතුටුයි බෝමා

    පාළු මැකුනු මේ පිටුවේ
    ලියවෙන්නට දිනෙන් දිනේ
    හැඩ වේවා සිතූ සිතේ
    සිතුවිලි බෝමා

    ReplyDelete
  2. ඇවිත් යන්න ආ ගමනේ
    අහඹු ලෙසිනි මුන ගැසුනේ
    රසවත් විය නැවතුම් පොළ
    එතැකින් බෝමා...

    ටික දොහකට නතර උනත්
    දවසක සැම දාල ගියත්
    අරන් යන්න අසයි නුඹ
    සසරේ බෝමා...

    ReplyDelete