රුක් මල් සුවඳ මැදින් බන්ඩි ගොයම කිරි වැදුනා
බිම්මල් පොකුරු පොඩිති හෙමිහිට හොරැහින් බැලුවා
හමනා සුවඳ සමග ලා උණ පත් පොර බැදුවා
තුරු මත බටිති මලිති රන් රස සවනට බෙදුවා
ගල්පොත්තක් මත්තේ පය වතුරට ඔබාන
කොරලින් දන්ඩි පැටව් පීනන හැටි බලාන
මාදං පේර හිඹටු පොකුරක රස බලාන
දොළ ලඟ හිටියා මං, මැවුවා නෙතු පියාන
ගිණි ගත් කටුක බිමෙන් මොහොතක් පිටමන්වෙලා
සිත ඉගිලුනා සෙමෙන් අතීත සුවඳක් සොයා
ගම්මැද සොඳුරු මතක පොකුරක් යලි සිහිවෙලා
දැනුනා හීන් දුකක් හෙමිහිට හදවත වෙලා
Subscribe to:
Posts (Atom)
Powered by Blogger.
About Me
- ...සිතූ...
- මල් පෙතිවල සුවඳ සොයන... දේදුන්නෙන් පාර අහන... දිය බිඳුවක සිසිල විඳින... සිතක සිතුම ...සිතූ...
License

සිතූගේ සිතුවිලි by http://www.chan-cup.blogspot.com/ is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 United States License.
