Tuesday, October 12, 2010

අපූරුව

ඇහැල මල් වල පාට..
මාර ගස් වල කොළ නැලවෙන සුවඳ..
සතර දෙස නරඹන සිමෙන්ති බංකු..
හැමදේම සමගින් විරාජමාන වූ නුඹ,
දෙපයින් නැගිටින්න මග කියූ හැටි අපූරුයි..

මං වත් නුදුටු මාව හරියටම දුටු,
නුඹේ සෙවනේ සිටි නුඹ ඊටත් වඩා අපූරුයි..

2 comments:

  1. එල එල.. කාලෙකට පස්සේ ආපහු කරලියට...

    පද ටික හොඳයි. සරලයි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. @ පිටස්තරයා: හ්ම්ම්... සෑහෙන කාලෙකට පස්සෙ. ස්තූතියි සහෝ කමෙන්ටුවට..

    ReplyDelete