Saturday, March 27, 2010

ආවෝ ගියෝ

ලාම්පුව වටේ තරඟයට රඟන රඟ..
පුදුමයි, ඒත් පව් මෙරු විඳින වධ..
අලංකාරයටද, රශ්මියටද ඇදී ගියේ නුඹ..
අමතකද මේ දැනුත් නුඹේ සකි සඳ නැසුනු වග..

පිලිස්සුනු තටු යලිත් පියඹන්න ඉඩ දෙයිද..
වක ගැසුනු නුඹෙ දෙපා දුර ඈත දිව යයිද..
නේකවිධ රුදුරු සතුරන්ට නුඹ බිලිවෙයිද..
පසු පසින් තවත් කී දෙනෙක් හෙට ඉගිලෙයිද..

9 comments:

  1. ඔව්නේ...
    අද වැස්සා...
    හෙට දිහා එවි ඔය කියන අය අපේ පැත්තෙනුත්

    /බිඟුවා...!

    ReplyDelete
  2. ඕක පිටිපස්සෙ හැංගුන තවත් ජීවන යථාර්ථයක් තියෙනවා නේද.. ඇයි වේයොන්ට තටු එන්නේ කියන ගැටළු‍ව එන්නෙ අන්න එතනදී..

    ReplyDelete
  3. වේයෝ.. පළඟැටියෝ විතරද ?
    අපිත් මේ වගේමයි නේද ?

    ReplyDelete
  4. හොඳට ලියල තියෙනව. දිගටම ලියන්න. සුබ පැතුම්...

    ReplyDelete
  5. Hey i didn't know you had a blog!
    who the hell is Sithu!

    ReplyDelete
  6. ලැබුවා වූ නව වසර...
    සාමය, සතුට සපිරි...
    ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete
  7. සිරි සුබ නව වසරක් වේවා....!! ඒ වගේම හැම දෙනාටම බොහොම ස්තුතියි... බිඟුවා, ආගන්තුකයා, sansarasidu, indik, විකටය.
    හ්ම්ම් මෙයාලා එන්නේ වැස්සට පස්සේ තමයි.
    "ඇයි වේයොන්ට තටු එන්නේ..?" හිතන්න පොළඹවන ප්‍රශ්නයක්..
    සහතික ඇත්ත..මේ අපි ගැන කතාවක් තමයි.

    ReplyDelete