Thursday, February 11, 2010

මහ වැහි වැහැලා

මහ වැහි වැහැලා ගං දිය උතුරා
දෙගොඩ තලා යයි රන් කෙත් කලඹා
අකාලයට නිල් ගගනත හඬලා
ගේ දොර වතුපිටි වතුරට සින්න වෙලා  

රන් අස්වනු නෑ - හිතට සතුට නෑ  
පිල් සෙවනේ අද සිනහ කවඩි නෑ  
පංති කාමරේ කොමල කතා නෑ  
හීන් නගා පාසල් ඇවිදින් නෑ  

වට වැහි ගොයමේ අස්වනු අරන් ගියා  
මුකුළු කතා මල් තුරු මත පරව ගියා  
සොඳුරු මිතුරු සිතුවිලි අඩ අඳුරෙ තියා  
හීන් නගා සැම හදවත් අරන් ගියා  

8 comments:

  1. එදා ඉඳන් අද වෙනකල්ම අපේ හීන් නගාලගේ කතාව මේකමයි. කවදද මේක වෙනස් වෙන්නේ? බෝම ස්තුතියි ලස්සන කවියට.

    ReplyDelete
  2. ඕක වෙනස් කරන්ක පුළුවන් දේකුත් නෙමෙයි.

    ReplyDelete
  3. @ දසයා,ආගන්තුකයා: ස්තුතියි...

    ReplyDelete
  4. මට නම් මේක කියවගෙන යද්දි "හීන් නගා" දැක්ක ගමන් මතක් වුණේ "සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ..." ගීතය.

    එළ දිගටම ලියන්න අක්කේ

    ReplyDelete
  5. ඉවසමි, දෑල උතුරා ආ දිය කන්ද...
    ඉවසමි කොහොම, හද පාරන දුක් කන්ද...
    ඉවසමි දෑත නො‍රැඳුනු රන් කහවනුව...
    ඉවසමි කෙලෙස දෑතට නොම දුන් දෑත...

    ReplyDelete
  6. ලස්සනයි සිතූ...

    ReplyDelete
  7. එළ. ස්තුතියි හැමෝටම ...

    ReplyDelete